Wednesday, August 31, 2016

hapuwita elder socity


hapuwita elder socity







































සෝමාවතී පූජාව 2016/08/29-30

                                                                                 මගේ අංකය -
                                                                              ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
                                                 කෑගල්ල.
                                            2016.

ගරුලේකම්/සභාපති
.................................
වැඩිහිටි වන්දනා චාරිකාව-2016.8.29-30
කෑගල්ල  වැඩිහිටි බලමණ්ඩලය

ඔබගේ ග්‍රාමීය වැඩිහිටි කමිටුවෙන්  චාරිකාව සදහා නම් කර ඇති සාමාජිකයින් දෙදෙනා අනිවාර්යෙන්ම සහභාගි කරවන ලෙසත් , යම් හේතුවකින් ඔවුන්ට සහභාගිවිමට නොහැකි වුවහොත්  වෙනත් දෙදෙනෙකු ඒ සදහා සහභාගි කරවන ලෙස  දන්වා සිටින අතර,මේ සමග ඇති උපදෙස් පත්‍රිකාව ගමන සදහා සහභාගිවනන් ට  ලබාදෙන මෙන් වැඩිදුරටත් දන්වා සිටිමි. 


මෙයට,
ඔබගේ සෙවය සදහා කැපවු

..................................
පරිපාලන නිළධාරි
කෑගල්ල ප්‍රා‍ෙද්ශිය ලේකම් වෙනුවට
   

චාරිකාව පිළිබ විස්තරය
2016.08.29 වන දින පෙරවරු 5.30 ට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් පිටත්ව පොලොන්නරුව ගල් විහාරය වන්දනා කර සෝමාවතී පුදබිමට පස්වරු 3.00ට ලඟා වේ.සවස ගිලන්පස පූජාව පවත්වා  පසුදා උදෑසන කිරි ආහාර හා පූජාව සිල් සමාදන් වීමෙන් අනතුරුව කප්රුක් පූජාව පවත්වා පස්වරු 3.00ට සිල් පවාරන වී ආපසු පැමිණීමට නියමිතය.
වැඩසටහන් විස්තරය
2016.08.29 දිනය
පෙ.ව.5.30        - කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් පිටත්වීම
පෙ.ව.7.30        --උදේ ආහාර ගැනීම(ඉනා මලුව විහාරස්ථානය)
පෙ.ව.11.30      -ගල්විහාරය වන්දනා කිරීම
ප.ව.12.30         -දිවා ආහාරය ගැනීම(පොළොන්නරුව)
ප.ව.2.30           -සෝමාවතී විහාරයට ගලා වීම
ප.ව.6.00           -ගිලන්පස පූජාව පැවැත්වීම
2016.08.30දිනය
පෙ.ව.5.00        -කිරි ආහාර පූජාව
පෙ.ව.6.00        -සිල් සමාදන් වීම
පෙ.ව.7.00        -උදේ දානය
පෙ.ව.8.30        -කප්රුක් පූජාව
පෙ.ව.9.30        -සීල භාවනා වැඩසටහන
පෙ.ව.10.30      -ගිලන්පස පානය කිරීම
පෙ.ව.11.00      -සිල්වැඩසටහන හා දිවා දාන පූජාව
පෙ.ව.12.00      -දිවා ආහාරය
ප.ව.1.00           -සිල් වැඩසටහන
ප.ව.2.30           -සිල් පවාරන වීම
ප.ව.3.00           -ආපසු පිටත්වීම
රාත්‍රී 8.00          -ගමන නිමාව

බස්රථ අංකය-
ආසන අංකය-

චාරිකාව සදහා රැගෙන ආයුතු ද්‍රව්‍ය
01.සිල් වැඩසටහන පවත්වන ස්වාමීන් වහන්සේ ට පූජා කිරීම සදහා එක්ස් සයිස් පොත් 02 
02.දින දෙකක් සදහා ඇදුම්
03.සිල් සමාදන් වීම සදහා සිල් රෙදි
04.පිගාන
05.කෝප්පය
06.නිදා ගැනීමට අවශ්‍ය ඉටි රෙදි
07.බෙඩ්සීට්
08.තුවා ,සබන්,දත්බෙහෙත්
09.පාවිච්චි කරන බෙහෙත්
සහභාගී වන වැඩිහිටියන් පිළිපැදිය යුතු කරුණු
01.     29 වන දින උදේ ආහාරය , හා දවල් ආහාරය රැගෙන ආ යුතුය.
02.     නියමිත දින පෙරවරු.5.00 ට අදාල ස්ථානයට පැමිණිය යුතුය.
03.     සංවිධායක මණ්ඩලය විසින් ලබාදෙන අංකය ඇදුමේ ගසා තිබිය යුතු අතර එහි සදහන් දුරකථන අංක හදිසි අවස්ථාවකදී ඔබට සහායක් ලබා ගැනීම සදහා භාවිතා කළ හැක.
04.     සෑම අවස්ථාවකම තම සමිතියෙන් පැමිණි අය සමග හා  අනෙක් කණ්ඩායම සමග සහයෝගයෙන් සිටිය යුතුය.
05.     බේත් වර්ග පාවිච්චි කරන්නේ නම් රැගෙන ආයුතුය.
06.     බසය නවතන අතරමගදී  වෙළදසල්  ආදියට යාමෙන් වැළකිය යුතුය.
07.     යම් කිසි රෝගී තත්වයක් ඇත්නම් වහාම නිලධාරීන් දැනුවත් කළයුතුය
08.     නියමිත වේලාවට පූජාව සදහා සුදු වතින් සැරසී පැමිණිය යුතුය.
09.     ආපසු  නිවෙස් බලා යාමට කෑගල්ලේ සිට ප්‍රවාහන පහසුකම් සලසා ගත යුතුය .
10.     මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයෙන් තොර විය යුතුය.
11.     න්‍යාය පත්‍රෙයන් පිටත වෙනත් ස්ථාන කරා යාමට සූදානම් නොවිය යුතු අතර ඊට ඉඩදෙනු නොලැබේ.

කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

සෝමාවතී පූජාව 2016/08/29-30